Paya Ai Hinahenne - HR Jothipala - Lyrics - පායා ඇයි හි‍නැහෙන්නේ - එච්.ආර්. ජෝතිපාල - ගී පද

පායා ඇයි හි‍නැහෙන්නේ - එච්.ආර්. ජෝතිපාල - ගී පද
Paya Ai Hinahenne - HR Jothipala - Lyrics



පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හි‍නැහෙන්නේ

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ

වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හි‍නැහෙන්නේ

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී

පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හි‍නැහෙන්නේ


ගායනය - එච්.ආර්. ජෝතිපාල
ගී පද රචනය - ඇලෝයි ගුණවර්ධන
ගී තනුව - පී.එල්.ඒ. සෝමපාල (හින්දි තනුවක් ඇසුරින්)


Source - https://sindu.me/paya-ai-hinahenne-hr-jothipala-lyrics-audio-mp3/

Paya Ai Hinahenne - HR Jothipala - English Translation

Why do the stars laugh and shine
In the deep blue sky above?
When her face is lost, fading from view,
And the glow of her sapphire eyes is gone,
Why do the stars laugh and shine?

If I cannot see her face,
Why does the full moon smile upon me?
If I cannot see her face,
Why does the full moon smile upon me?
And when her song no longer fills the air,
Why, cuckoo bird, do you still sing?
Why, cuckoo bird, do you still sing?

Among the blooming flowers of the forest,
Butterflies, why do you dance?
When her face is lost, fading from view,
And the glow of her sapphire eyes is gone,
Why do the stars laugh and shine?

If I cannot see her gentle smile,
What good are strings of pearls to me?
If I cannot see her gentle smile,
What good are strings of pearls to me?
When her tears no longer flow,
Diamonds mean nothing to me.
When her tears no longer flow,
Diamonds mean nothing to me.

Why do the stars laugh and shine
In the deep blue sky above?
When her face is lost, fading from view,
And the glow of her sapphire eyes is gone,
Why do the stars laugh and shine?

Comments