Mage Namali Bandi Adare - Haroon Lanthra - Lyrics - මගෙ නාමලී බැඳි ආදරේ - හරූන් ලන්ත්‍රා - ගී පද

මගෙ නාමලී බැඳි ආදරේ - හරූන් ලන්ත්‍රා - ගී පද
Mage Namali Bandi Adare - Haroon Lanthra - Lyrics

Mage Namali Bandi Adare - Haroon Lanthra


මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ

රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා
ඒ ලොවේ කවුරුත් නැ ප්‍රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා

මනමාලියේ
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඬේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුනා
අනුරාගියේ හද නලවනා
ඒ ගී හඬේ ඔබ සැඟවුනා

මනමාලියේ
මගෙ නාමලී බැඳි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැඳි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ග‍ඟේ


ගායනය - හරූන් ලන්ත්‍රා
ගී පද රචනය - ධර්මසිරි ගමගේ
ගී තනුව - ආර්. මුත්තුසාමි


Source - https://sindu.me/mage-namali-bandi-adare-haroon-lanthra-lyrics-mp3-download/

Mage Namali Bandi Adare - Haroon Lanthra - English Translation

My Namalee, bound in love,
My beloved bride, my gem, it’s you.
You boarded the boat and drifted away,
Leaving behind our bond, drifting afar.
Our tender love, my gentle one,
A message of love flows with the river.

With sweet feelings left by my side,
Where are you now, drifting away?
In that world, there’s no one, dear,
Who can fill this shore now drifting near.

My beloved bride,
My Namalee, bound in love,
My precious one, my gem, it's you.
You boarded the boat and drifted away,
Leaving our bond behind with sorrow.

To the beat of the drum, the rhythm is mine,
Yet my song of love has drifted away.
In the tune of passion that warms the heart,
You have hidden, lost within that melody.

My beloved bride,
My Namalee, bound in love,
My precious one, my gem, it’s you.
You boarded the boat and drifted away,
Leaving our tender love, floating in the river of messages.

Comments